Tuesday, January 15, 2013

Statement about the Temple



ශ්‍රී සුදර්ශන මහා විහාරය 
තුඹගොඩ බළන්ගොඩ
"තුඹගොඩ පන්සල" යනුවෙන් අසල්වැසි දනන් තුඩග රැඳුන මේ මහා විහාරය සියවස් ගණනාවක් තිස්සේ බොදු බැතිමතුන් මහත් බැතිසිතින් වන්දනාවට යන ස්ථානයයි.
 

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ජාතික පාසල් විදුපියස බැබලවූ බළන්ගොඩ සුධම්මවංස ගුරු දෙවයන් වහන්සේ මහා පඬිරුවනකි. අප්‍රමාණ දයාවෙන් සිසුදරුවන් පෝෂණය කළ අසමසම ගුරුවරයකු වූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ   දුප්පත් සිසු දරුවන් සිප්නැණින් පමණක් නොව අන්කිසිවකුට නොදැනී ආහාර පානයෙන් ද පෝෂණය කළ බව දන්නේ එම දරුවන් පමණි. සියවසකට ආසන්න කාලයක් ආයු වළඳමින්  සිය අවසන් මොහොත දක්වාම තමා හමුවට එන කුඩා දරුවන්ට පවා අව්‍යාජ සිනාරැල්ලකින් සංග්‍රහ කරමින් පුංචි රසකැවිල්ලකින් සංග්‍රහ කිරීම සිය පරම යුතුකමක් සේ සැලකූහ.  මිලකළ නොහැකි පරමපූජනීය සේවාවක නිරතවූ අතිපූජ්‍ය ගෞරවාර්හ සුධම්මවංස මහානායක හිමිපාණන් වහන්සේ 2013 ජනවාරි 07 වනදා අප අතරින් වියෝ වූහ. ඉල්ලීම පරිදි ශ්‍රී සුදර්ශන මහා විහාරය පිළිබඳව මාහිමිපාණන් වහන්සේ 2012 දෙසැම්බර් 12 දින කරන ලද ප්‍රකාශය මෙහි සටහන් වී ඇත.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබ බළන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති සිරි සුමනජෝති වංසාවතංස ජිනශාසන කීර්ති ශ්‍රී ප්‍රවචන විශාරද ත්‍රිපිටක වාගීශ්වර සිරි සද්ධම්මවංසපාල ගණාවරිය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය බළන්ගොඩ සිරිසුධම්මවංස මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙසින්

බෞද්ධ ජනතාව අතර පූජනීයත්වයට පත්ව 2013 ජනවාරි 07 දක්වා වැඩ සිටියහ.


 

 











 
 
 
 

No comments:

Post a Comment