අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබ බළන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති සිරි සුමනජෝති වංසාවතංස ජිනශාසන කීර්ති ශ්‍රී ප්‍රවචන විශාරද ත්‍රිපිටක වාගීශ්වර සිරි සද්ධම්මවංසපාල ගණාවරිය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය බළන්ගොඩ සිරිසුධම්මවංස මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
අතිපූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේට
අජරාමර වූ නිවන් සුව ලැබේවා!
දින කීපයක සිට පෙර දින රාත්‍රිය දක්වා ඇදහැලෙමින් තිබූ තද වර්ෂාව 12 දින උදෑසන වන විට වහා නතරකළේ කවුරුන් දැයි සිතිය නොහැකිය.
මහානායක හිමිපාණන් වහන්සේ විසින් තම සහොදර ආයුෂ්මතුන් වහන්සේ ලෙස හැඳින්වුවද සිය දයාබර ගුරුදේවයන් වහන්සේ කෙනෙකු ලෙසින් සුධම්මවංස මහානායක මාහිමිපාණන් වහන්සේ හැඳිනගෙන සිටි බළන්ගොඩ පියනන්ද හිමිපාණන් වහන්සේ පූජෝත්සව පෙරහරට එක්ව සිටියේ මේ දිගු දුර පාගමණින් වැඩමකරමීයි අදිටනින් යුතුවය.
මහසඟරුවන පාගමණින් වැඩම කිරීමට හා රාජ්‍ය අමුත්තෝද පාගමනින්ම යාමට අදිටන් කර ඇත.
දේහය පසු පසින් දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි දහස් ගණනක් වූ විවිධ විද්වතුන් සියවාහන පසෙක ලා කිලෝමීටරයක් ඉක්මවා තිබූ දුර පා ගමනින් ගමන් ගත්හ. ඔවුන් කතා කරන දෑ තුළින් ඒ බොහෝ දෙනෙකු හිමිපාණන් වෙතින් පෝෂණය ලද්දන් බවද සිය ගුරු දේව ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳ අතීත මතක සටහන් දිග හැරියේ දෙනෙත් පිරි කඳුලෙනි. කෙතෙක් සෙවුවද ආදාහන පෙරහර පුරා දිවු කැමරාවට සතුටු සිනාවෙන් සිටින කුඩා දරුවකු හෝ හසු නොවිනි.

කිලෝමීටර් 2 ක පමණ දිගුමගක් ! සැළසුම්
කළ පරිදිම ආදාහන පූජෝත්සව පෙරහර ප.ව.1.30 සිට සුදර්ශනාරාම විහාරයෙන් පිටත්විය. අාදාහන මළුවට ප.ව. 4.00 වන විට ළඟාවිය. කාලගුණය පැහබර වුවද බළන්ගොඩ නගරයම නිහඬ පාළු අඳුරකින් වැසීතිබිණි.
සියලුම කඩ සාප්පු වසා තිබිණි.
ජාති ආගම් භේදයකින් තොරව තදාසන්න වැසියෝ නායක මාහිමිපාණන් වෙනුවෙන් පැවැත්වෙන අදාහන පූජෝත්සවයට එක්ව සිටියහ. හදවත් පුරා රඳවාගත් බැති සිතින් මේ දින කීපය පුරා, පැමිණෙන ගිහි පිරිස් වෙනුවෙන් අවස්ථාවෝචිත සංග්‍රහ කිරීම බළන්ගොඩ මුස්ලිම් හා ද්‍රවිඪ ප්‍රජාව සැදී පැහැදී සිටීම කැපී පෙනුන තත්ත්වයකි.

No comments:
Post a Comment